English Post >>
Showing posts with label Anhingidae. Show all posts
Showing posts with label Anhingidae. Show all posts
Saturday, April 2, 2022
අභිකාවා (Anhinga melanogaster)
පහත රට වියලි කලාපයේ වැව්, කලපු සහ විශාල ගංගා පද්ධති වල දිවිගෙවන එහෙත් එතරම් සුලභව හමු නොවන දේශිය පක්ෂියෙකි.පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ දුර්ලභය. ප්රධාන වශයෙන් මාලුන් ගොදුරු කරගන්නා අභිකාවා සිය තියුණු හොටින් ජලයේ කිමිදී ඔවුන් ඩැහැ ගනී. නිබදවම වෙනත් දියකාවන් සමග හැසිරෙන මුත් තනිවම සිටින අභිකාවන්ද දුලභ නොවේ. ඉතා හොඳින් කිමිදීමට මෙන්ම වේගයෙන් පියෑඹීමටද මෙම පක්ෂියාට මනා හැකියාවක් ඇත. ජලය මත පිහිනා යෑමේදි සිය හිස සහ ගෙල පමණක් ඉහලට දිස්වන ලෙසින් තබාගෙන යෑම නිසා ඉංග්රීසි භාෂාවෙන් Snake Bird ලෙසින්ද හඳුන්වන මෙම පක්ෂියා පියඹා යෑමේදි හිස කෙලින් කර තබා ගනී. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ බොහෝවිට වෙනත් ජලජ පක්ෂීන් සමග කොලනි ලෙසින් ජලයට ආසන්න ගස් මත කූඩු තනා අභිජනනයේ යෙදේ.
Friday, April 26, 2013
Darter/Snake-Bird (Anhinga melanogaster)
සිංහලෙන් කියවන්න >>
Subscribe to:
Posts (Atom)